දැනට වසාදමා තිබෙන කන්තලේ සීනි කර්මාන්තශාලාව යළි ආරම්භකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පිට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ සැලසුම්කර ඇත.
ඒ පිළිබඳව සොයාබලා කර්මාන්තශාලාව කඩිනමින් ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම්කිරීමට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම,ලංකා සීනි සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් සාරද සමරකෝන් යන මහත්වරුන් ඇතුළු ලංකා සීනි සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් ඇතුළු උසස් නිලධාරීන් රැසක් ඉකුත් (04) වෙනිදා එහි නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.
රාජ්‍ය අමත්‍යවරයා වසාදමා ඇති කන්තලේ සීනි කර්මාන්තශාලාව සහ අනෙකුත් දේපළ පිළිබඳව සොයාබැලීය.
කර්මාන්ත ශාලාවේ කටයුතු කඩිනමින් ආරම්භකිරීම සඳහා සැලැස්මක් සකස්කොට තමා වෙත ඉදිරිපත්කරන ලෙස ලංකා සීනි සමාගමේ නිලධාරීන්ට රාජ්‍ය අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදෙන ලදි.
කන්තලේ සීනි සමාගම සතුව අක්කර විසිඑක්දහස් එකසියපනහක් තිබෙන අතර අක්කර පහළොස්දහසක උක් වගාකර තිබිණි.
දහසකට අධික සේවක සේවිකාවන් පිරිසක් මෙහි සේවයකර ඇත.දැනට ආරක්ෂක නිලධාරීන් ඇතුළු සේවකයින් 35 දෙනෙකු පමණ සේවයේ නිරතව සිටී.
1960 වර්ෂයේ ඔක්තෝබර් 02 චෝකොස්ලෝවැකියානු රජයේ ආධාර මත එවකට අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් මෙම සීනි කර්මාන්තශාලාව විවෘතකරන ලදි.
මොණරාගල සුමනසිරි ගුණතිලක