කිලිනොච්චිය කනගපුරම් හි ඇඳිරිනීතිය අවස්ථාවේ සමග රහසිගතව මත්පැන් අලෙවි කළ ස්ථානයක් කිලිනොච්චිය පොලීසිය හා සුරාබදු නිලධාරීන් විසින් මුද්‍රා තැබීමට පියවර ගෙන ඇත.
කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් දිවයිනේ සියලු සුරාසැල් වසා දමා ඇති අවස්ථාවේ ඊයේ (01) දින කිලිනොච්චිය කනගපුරම් හි මත්පැන් අලෙවි කරන ස්ථානයකින් මත්පැන් අලෙවිකරන බවට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවත් එහි සේවකයින් විසින් මත්පැන් පුද්ගලයින් වෙත අලෙවිකර ඇති බවද පොලීසිය පැවසීය.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදීද ඉහළ මිල ගණන් යටතේ මෙම ස්ථානයේ මත්පැන් අලෙවිකර ඇති බවට තොරතුරු අනාවරණයවූ බවද පොලීසිය පැවසීය.
කිලිනොච්චිය පොලීසිය විසින් රජය විසින් පනවා ඇති ඇඳිරිනීතිය කඩකරමින් මත්පැන් අලෙවිකිරීම සම්බන්ධයෙන් නඩු පවරන බවත් සුරාබදු නිලධාරීන් විසින් අවන්හලේ මත්පැන් බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කරමින් මත්පැන් විකිණීම සම්බන්ධයෙන් එහි හිමිකරුට නඩු පවරන බවත් පරික්ෂණ සිදු කරන කිලිනොච්චිය පොලීසිය හා සුරාබදු කාර්යාල නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.