කථානායක ධුරයට හම්බන්තොට දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නිහාල් ගලප්පත්ති මහතා පත්කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි. නිහාල් ගලප්පත්ති මහතා විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ පුද්ගලයෙක් වෙයි.
එසේම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධව (ජාතික ගලවා ගැනීමේ පෙරමුණ (මල් බඳුන ආසනයෙන් 1994දී පාර්ලිමේන්තුවට තේරී පත්වීම)) පාර්ලිමේන්තුවට පත්වූ පළමු මන්ත්රීවරයා ලෙස නිහාල් ගලප්පත්ති මහතා ඉතිහාසයට එක්වෙයි.