සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය කථානායකවරයාට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව අද (04දා) පාර්ලිමේන්තුවට භාර දෙන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා 'අද' පුවත්පතට පැවසීය.
මෙම විශ්වාසභංග යෝජනාව අත්සන් කිරීම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 26වැනිදා කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී ආරම්භ කළේය.
ඒ අනුව මෙම විශ්වාසභංග යෝජනාව සඳහා දෙමළ ජාතික සන්ධානය, ජාතික ජනබලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහාය ලබා දෙන බවට ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, පූජ්‍ය අතුරලියේ රථන හිමියන් ඇතුළු පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන්ද මේ සඳහා සහාය ලබා දෙන බව සඳහන් කර ඇත.