ශ්‍රීලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉකුත් (02) වෙනිදා කතරගම පුදබිමට පැමිණියේය.
කිරිවෙහෙර චෛත්‍යරාජයාණන්වහන්සේ වැඳපුදාගත් මහ බැංකු අධිපතිවරයා පසුව ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයට ගොස් දේවාශීර්වාදය ලබාගත්තේය.
කතරගම පුදබිමේ දැනට සිදුකෙරෙමින් පවතින සංවර්ධනයත් මැණික් ගඟ දෙපස ඉඳිවන නව පිවිසුම් ප්‍රාකාරයත් නිරික්ෂණයකළ හෙතෙම ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බව සඳහන් කළේය.
මෙම අවස්ථාවට සිවිල් ආරක්ෂක බලකායේ කතරගම කඳවුරේ අණදෙන නිලධාරී කසුන් කිත්සිරි මහතාද එක්විය.
මොනරාගල සුමනසිරි ගුණතිලක
මොනරාගල සුමනසිරි ගුණතිලක