මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට විශාල අඩුපාඩුවක්ව පවතින හෘද රෝග ඒකකයක් ඉඳිකිරීමට ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා තීරණයකර ඇත.
මහල් තුනකින් සමන්විත මෙම ගොඩනැඟිල්ල ඉඳිකිරීම සඳහා ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයට ලැබෙන පඬුරු මුදල් සහ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන මුදල් යෙදවීමට නියමිත බැව් බස්නායක නිලමේවරයා පැවසීය.
මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත්කර ඇති අතර ගොඩනැඟිල්ලේ සැලසුම ලද වහාම ඉඳිකිරීම් ආරම්භකිරීමට නියමිතය.
මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට හෘද රෝග ප්‍රතිකාර ඒකකයක් නොමැතිවීම නිසා අවස්ථා කිහිපයකදීම රෝහලට පැමිණෙන හෘදරෝග විශේෂඥ වෛද්‍යවරුන්ට ආපසුයාමට සිදුවී ඇත.
මෙම ඒකකය ඉඳිකිරීමෙන් පසු මොනරාගල දිස්ත්‍රික්කයේ හෘද රෝගීන්ට විශාල සේවයක් ඉටුවේ.
මොණරාගල සුමනසිරි ගුණතිලක