රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලින් කතරගම දෙවියන්ට පිං අනුමෝදම් කිරිම සදහා මහරගම අපේක්ෂා රෝහලට නව ඇට මිදුලු බද්ධ කිරිමේ එකකයක් අද (02) වැනි දින උදෑසන විවෘත කරන ලදි.
රුපියල් කෝටි 17ක වියදමින් මෙම එි්කකය ඉදිකර තිබේ. නාවිණ පහසුකමි වලින් යුතු රජයේ රෝහලකට මේ වැනි ඒකකයක් ප්‍රථම වතාවට හිමිවිම විශේෂයකි.
මෙම නව එකකය මගින් රෝගීන් 04 දෙනකුට එක් වර ප්‍රතිකාර කල හැකිය.
මෙම ඒකකය විවෘත කිරිමේ අවස්ථාව සදහා කතරගම කිරිවෙහෙරරාජමහා විහාරාධිපති රාජකිය පණ්ඩිත කොබවක ධමිමින්ද හිමියන්. සෞඛ්‍යය අමාත්‍ය නලින්ද ජයතිස්ස, නියෝ්‍ය සෞඛ්‍ය අමාත්‍ය හංසක විජයමුණි, බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්.එම්. පි. රත්නායක, ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ, අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අරුණ ජයසේකර යන මහතුන් ඇතුලු සෞඛ්‍ය අංශවල පිරිස් එකතුව මෙම විවෘත කිරිම සිදුවිය.
රුහුණු මහා කතරගම දේවලයට බැතිමතුන් විසින් පඩුරු පෙට්ටිය වෙත ලබා දෙන ආධාර මත බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා ගේ සංකල්පයක් මත මෙයට පෙර මිලියන 150 ක වියදමින් අපේක්ෂා රෝහල වෙත සිව්මහල් ළමා වට්ටු සංකිර්ණයක් ද ලබා දෙන ලදි.
ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සහායෝගය මත මෙම වට්ටු සංකීර්ණය ඉදිකර තිබේ.
කතරගම සන්දිම දේවප්‍රිය