ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2024 ඇසල මංගල්‍යය සඳහා කප්සිටුවීම මැයි මස 24 වෙනිදා උදෑසන දේවාල පරිශ්‍රයේදී සිදුකෙරේ.
මෙවර ඇසල මංගල්‍යය ජූලි මස 06 වෙනි දින ආරම්භවී ජූලි මස 22 වෙනි දින උදෑසන මැණික් ගඟේ දියකපීමෙන් පසු අවසන් වේ.
ජූලි මස 11 වෙනි දින බස්නායක නිලමේවරයා ප්‍රථම වරට පෙරහරේ ගමන්කරන අතර ජූලි 18 වෙනි දින රාත්‍රී (18 වෙනි දින අලුයම) ගිනිපෑගීමේ උත්සවය පැවැත්වේ.
ජූලි 21 වෙනිදා රාත්‍රී අවසාන මහා රන්දෝලි පෙරහර පැවැත්වීමට නියමිතය.
මෙවර ඇසල උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳව රැස්වීමක් මැයි මස 28 වෙනි දින පෙරවරු දහයටකිරිවෙහෙර රජමහා විහාරස්ථානයේදී රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක් කිරිවෙහෙර රජමහා විහාරාධිපති ශාස්ත්රපතිපණ්ඩිත කොබවක ධම්මින්ද නායක ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මෙම අවස්ටාවට අයිතිහාසික රුහුණු මහා කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර,මොනරාගල දිසාපති සහ කඳවුරු භාර නිලධාරී පසන් රත්නායක යන මහත්වරු සහභාගීවීමට නියමිතය.
මොනරාගල සුමනසිරි ගුණතිලක