කඩුවෙල කොරතොට ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලක් ඉදිරිපිට පුද්ගලයකු පැමිණි අහසට වෙඩි තබා පලා ගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි. අදාල ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැල අසලට තවත් පුද්ගලයකු සමග පැමිණ යතුරු පැදිය මාර්ගය අසල නවත්වා ඉන් බැසවිත් කෑ ගසමින් 38mm වර්ගයේ රිවෝල්වරයක් භාවිතා කරමින් අහස දෙසට වෙඩිල්ලක් තබා පලා ගොස් ඇත. මෙම සිද්ධිය යම්කිසි කප්පම් ගැනීමේ සිද්ධියක් මත සිදු කර ඇතැයි සැක කරන බවද පොලිසිය පවසයි.