පාසල් දරුවන් ඉලක්ක කරගත් කට ඇතුළේ පුපුරා යන අමුතු ටොෆියකට පාසල් දරුවන් ඇබ්බැහි වී ඇතැයි මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් පාදක දෙමවිපියෝ අවධාරණය කරති.
මෙම ටොෆි විශේෂය කට තුළ දී පුපුරා යන අයුරින් සකසා ඇති බවත් විනාඩි පහක් වැනි කාලයක් ඒ සදහා ගතවන බවත් දෙමව්පියෝ කියා සිටිති.
විවෘත කරන ලද ටොෆි වර්ග කිහිපයක් ජල බදුනකට දමා පරික්ෂා කිරිම් වල දී දෙමව්පියන් අවධාරණය කර සිටියේ ජලයේ පවා මෙම ටොෆි විශේෂය පුපුරා යන බවත් ඒ තුළ යම් කුඩු වශේෂයක්ද පවතින බව ඔවුහු කියා සිටියහ.
ටොෆිය තුළම ටැටු සහිත ස්ටිකරයක් ද පවතින බව කියා සිටි දෙමවිපියන් අවධනාරණය කර සිටියේ පාසල් අසල පිහිටි කුඩා වෙළදසැල් තුළ මෙම ටොෆි බහුලව දක්නට ලැබෙන බවයි.
යම් මත් විශේෂයක් හෝ වෙනත් කිසියම් අයුරින් ශරිර වලට අහිතකර යම් ද්‍රව්‍යයකින් මෙම ටොෆි විශේෂය නිපදවා ඇති බවට සැක කරන දෙමවිපියන් අවධාරණය කර සිටින්නේ දිවයිනේ විවිධ ප්‍රදේශ වල අලවිය සදහා ඇති මෙම ටොෆි විශේෂය කුඩා දරුවාගේ සිට වැඩිහිටි පාසල් දරුවා දක්වා පමණක් අලවි කරන බවයි.
කට තුළ ශබ්ද නගමින් පුපුරායන හෙයින් මේ ටොෆි විශේෂයට පාසල් දරුවන් ඇළුම් කිරිම හේතුවෙන් ඇතැම් ව්‍යාපාරිකින් ද වැඩි වශයෙන් මෙම ටොෆි අලවිය සදහා කටයුතු කරමින් සිටින බව ද දෙමවිපියෝ අවධාරණය කරති. දෙමව්පියන් අවධාරණය කර සිටින්නේ මේ සම්බන්ධයෙන් අදාල අංශ වල කඩිනම් අවධානය යොමු විය යුතු බවයි.
ඉන්දික අරුණ කුමාර