කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද (14) දින සිට විදේශයන් හි රැදී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන ඒම තාවකාලිකව අත්හිටුවීමත් සමග ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් සමස්ත ගුවන් තොටුපළම විෂබීජහරණය කිරීමකට ලක් කෙරුණි .
සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතාගේ අධීක්ෂණය සහ මග පෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි .
ඒ අනුව පැමිණීමේ පර්යන්තය , පිටත්වීමේ පර්යන්තය , සංක්‍රමණික මගී පර්යන්තය , තීරු බදු රහිත සාප්පු සංකීර්ණය , ගුවන් යානා පිවිසුම් මාර්ග ඇතුළු සමස්ත ගුවන් තොටුපළම මෙසේ විෂබීජහරණයට ලක් කෙරුණි .