කොරෝනා වෛරසය ආසාදනය වූ බවට හදුනා ගත් රෝගී ගුවන් මගියෙකු කටාර් රාජ්‍යයේ දෝහා සිට අද (19) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ .
මොහු ඉන්දීය ජාතික නාවිකයෙකි .
මොහු ඇතුළු 69 දෙනෙකු ඊයේ (18) දින සවස 5.30 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට පැමිණි ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් 6ඊ.- 9091 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබුණි .
එම ගුවන් මගීන් අතරින් 54 දෙනෙකු , කොළඹ වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය සදහා යොමු කළ අතර , ඉතිරි 15 දෙනා කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටාර් රාජ්‍යයේ දෝහා බලා පිටත්ව ගොස් තිබේ .
එසේ පිටත්ව ගිය 15 දෙනා අතර , මෙම ගුවන් මගියා ද සිට ඇති අතර , ඔහුට දෝහා ගුවන් තොටුපළේ දී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීමත් සමග , ඔහු පැමිණි ගුවන් යානයෙන්ම , ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත ආපසු හරවා එවා තිබුණි .
ඒ අනුව මෙම ගුවන් මගියා අද දින අලුයම 1.35 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ජාත්‍යන්තර ගුවන් ගමන් නීතිය අනුව මෙවැනි ප්‍රශ්නගත ගුවන් මගීන් , ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු ඔහු පැමිණි ගුවන් තොටුපළ වෙත හරවා යැවීම සිදු කෙරේ .
එහෙත් ඔහු ආපසු ඉන්දියාවේ මුම්බායි නුවර වෙත යැවීමට ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයක් මෙම අවස්ථාවේ නොමැති නිසා , මෙම ගුවන් මගියා ශ්‍රී ලංකාවේ වෛද්‍ය ප්‍රතිකාර සදහා කොළඹ අයි.ඩී.එච්.රෝහල වෙත විශේෂ ගිලන් රථයක් මගින් යොමු කර තිබේ .
මෙම සිදු වීම කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිනිලධාරීවරයා සනාථ කළේය .