දිවයින පුරා විසිරී සිටින කජු ආශ්රිත කර්මාන්තයේ නියැලී සිටින ව්‍යවසායකයන් ලියා පදිංචි කිරීමට ශ්‍රි ලංකා කජු සංස්ථාව තීරණය කර තිබේ.
රජයේ ප්‍රතිපත්තිමය සැළසුම් සකස් කිරීමේදී හා ක්ෂේත්රය සඳහා විවිධාකාර අනුග්රහයන් ලබාදීමේදී විවිධ ආයතනවලට නිවැරදි තොරතුරු ලබාදීම මෙමගින් අපේක්ෂිත බව කජු සංස්ථාව පවසයි.
ඉදිරියේදී කජු කර්මාන්තයට අදාලව රාජ්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමේදී හා එම ව්‍යවසායකයන්ට ප්‍රමුඛතාව ලබාදීමට මෙම ලියාපදිංචිය අත්‍යවශ්‍ය බවද කජු සංස්ථාව පැවසීය.
මේ අනුව කජු වගා කරුවන් ,කජු පිරිසැකසුම්කරුවන් ,කජු මද අපනයනකරුවන් හා ආනයනකරුවන් ,කජු නිෂ්පාදන යන්ත්‍ර නිෂ්පාදකයන් හා ආනයනකරුවන් ඇතුළු කජු කර්මාන්තයේ නියැලී සිටින ව්‍යවසායකයන් මැයි 31 දිනට පෙර කජු සංස්ථාවේ ලියාපදිංචි විය යුතු බවද කජු සංස්ථාව වැඩිදුරටත් පැවසීය.
ජේ.ඉඳුරුවගේ