කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22දා) රාත්‍රී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
අදාල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් ඔත්තු ලබා දුන්නයිි සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. මිය යන විට ඔහු 39 හැවිරිදි වියේ පසුවිය.
කොළොන්නාව සාලමුල්ල ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පිහිටි බිරිඳගේ නැගණියගේ නිවසට පැමිණ සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය කියයි.
6 වෙනි මහලේ නිවස ඉදිරිපිට කොරිඩෝවේ සිය ඥාතීන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කරමින් සිට ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත
එම අවස්ථාවේදී ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණය වෙතට යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු හයවෙනි මාලේ කොරිඩෝව වෙත පැමිණ පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම වෙඩි ප්‍රහාරය ප්රියසාත් මහතාගේ පපු ප්‍රදේශයට සහ උරහිස් ප්‍රදේශය වැදි බරපතල තත්වයෙන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි අද 23 අලුයම මියගොස් ඇතැයි පොලීසිය කියයි
ප්‍රියසාද් මහතා එම නිවසට පැමිණ කොරිඩෝවේ මත්පැන් පානය කරන බවට වෙඩික්කරුවන් වෙත යම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් රහසිගත ලෙස තොරතුරු ලබා දෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි
ඩෑන් ප්‍රියසාද් මහතාට සංවිධානාත්මක අපරාධකරුවකුසහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කන්ජිපානි ඉම්රාන්ගෙන් සහ දෙමටගොඩ චමින්ද යන දෙදෙනාගෙන් මරණීය තර්ජනය එල්ල වී තිබූ බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් පොලිස්පතිවරයාටද ලිඛිතව දැනුම් දී තිබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඝාතකයන් අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇත.
වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධම්මික කාරියවසම් මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.