ඉතාම හදිසි කටයුත්තක් වශයෙන් ඉන්දියාණු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ඖෂධ ගෙන්වීමේ සිද්ධියට අදාළව විමර්ශන පවත්වන රහස් පොලිස් නිලධාරීන් විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අමාත්‍ය කාර්යාලයේ තිබී බාරයට ගත් කැබිනට් සංදේශවල කිසිඳු කාර්්‍ය සටහනක් ඇතුලත් නොවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කාර්යාලයේ තිබී රහස් පොලිස් බාරයට ගත් අනෙකුත් කැබිනට් සංදේශ අඩංගු ලිපි ගොනුවල සාමාන්‍ය අන්දමට කාර්්‍ය සටහන් යොදා ඇතත් බාල බෙහෙත් ගණුදෙණුවට අදාළ කැබිනට් සංදේශ අඩංගු ලිපි ගොනුවල කිසිඳු කාර්්‍ය සටහනක් නොමැති වීම සම්බන්ධයෙන් විමතියට පත් රහස් පොලිස් නිලධාරීහු මෙම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අමාත්‍ය කාර්යාලයේ තිබී රහස් පොලිස් බාරයට ගත් 2022 මැයි 30” 2022 සැප්තැම්බර් 27” 2022 ඔක්තෝම්බර් 25 සහ 2022 දෙසැම්බර් 05 වැනිදාතමින් යුත් කැබිනට් සංදේශ අඩංගු ලිපි ගොනුවල කිසිඳු කාර්්‍ය සටහනක් නොමැති බවද රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සිද්ධියට අදාළ පැමිණීල්ල මීට පෙර අවස්ථාවක අධිකරණයේ කැඳවනනු ලැබු අවස්ථාවේදී පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමක් පිළිගනිමින් සෞඛ්‍ය රාජ්‍ය අමාතංශයේ ඇති කැබිනට් සංදේශ අඩංගු ලිපි ගොනු රහස් පොලිසියට බාරදීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අමාත්‍යංශ ලේකම් සමන් රත්නායක මහතාට කළ නියෝගයකට අනුව අදාළ කැබිනට් සංදේශ රහස් පොලිසියට බාරදී තිබිණී.
එලෙස බාරදුන් කැබිනට් සංදේශවල කිසිඳු කාර්්‍ය සටහනක් අඩංගුවී නොමැති බව හෙළි වීම නිසා රහස් පොලිසිය මේ සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර ඇත.