කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පවතින සේවක හිඟය නිසා මෙකී ආයතන කාර්යක්ෂම ලෙස පවත්වා ගෙන යාමේ දී ගැටලු රැසක් නිර්මාණය වී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. 2023-01-15 දින සිට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඇති පුරප්පාඩු සංඛ්‍යාව 117 ක් වන අතර, පුරප්පාඩු වී ඇති තනතුරු සංඛ්‍යාවෙන් 76%ක් විධායක, තෘතියික, ද්විතියික මට්ටමේ ඒවාය.
2023 වසරේ සිට දෙපාර්තමේන්තුව තුළ පවතින සේවක හිඟය ආයතනයේ කාර්ය සාධානයට දැඩි ලෙස බලපා තිබේ. තාක්ෂණ නිලධාරීන්ගේ හිඟය, කාලගුණ විද්‍යාඥයන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හා කාලගුණ විද්‍යාඥයන් පශ්චාත් උපාධි ලබා ගැනීම සඳහා මෙරට තුළ හැකියාවක් නොමැති නිසා ඔවුන් විදේශ ගත වී ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විගණනයට සඳහන් කර ඇත. මේ නිසා කාලගුණික හා දේශගුණික තොරතුරු අනාවැකි සැපයීමේ සේවා හා ජල කළමනාකරණ කටයුතු සේවාදායකයන්ට තොරතුරු සැපයීමේ සේවා හා අනෙකුත් සේවා නිසිලෙස පවත්වා ගෙන යාමට නොහැකි තත්වයක් නිර්මාණය වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අනුමත තනතුරුවලින් 1/3 ක් පුරප්පාඩුව ඇත. අනුමත කාර්ය මණ්ඩලයේ ගණන 465 දෙනෙකි. දැනට සේවයේ නියුතු කාර්ය මණ්ඩලය288 කි. පුරප්පාඩු සේවක සංඛ්‍යාව 177 කි. මෙකී පුරප්පාඩුවලින් ද්විතියික මට්ටමින් පුරප්පාඩු සංඛ්‍යාව 138කි.
ජාතික විගණන කාර්යාලයට පවසන අන්දමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පුරප්පාඩු 86 කි. මෙකී සංවිධානයේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු 04 ක් සඳහා පුරප්පාඩු 38 ක් පැවති බව ජාතික ගොඩනැගිලි සංස්ථාව නිකුත් කළ විගණනයේ සඳහන් කර තිබේ.
චන්දන සමරවික්‍රම