ජයවර්ධනපුර ඔබේසේකරපුර ප්‍රදේශය වසා දැමීම තාවකාලික එකක් වනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවසුවේය.
පූජකවරයකු සමග වන්දනාගමනකට සහභාගි වු ළමුන් දෙදෙනෙකුට සහ වැඩිහිටියන් හතරදෙනෙකුට කොරෝනා යයි සැක රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් මෙලෙස ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ඔබේසේකරපුර අරුණෝදය මාවත තාවකාලිකව වසාදමා විෂබීජ හරණයට ලක්කර ඇත.
නගරාධිපති මධුර විතාන මහතාට ලැබුණු පණිවිඩයක් මත ප්‍රදේශයේ සෞඛය නිළධාරී මහතා වන මනොජ් රොද්‍රිගෝ මහතා හා පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ එකතු වී හදීසියේ මෙම තීරණය ගනු ලැබ ඇත.
මීට හේතුව වී ඇත්තේ අදාළ වන්දනා ගමන යාපනයේ ප්‍රදේශයේ බවට පළමුව ප්‍රකාශ වීමත් එම වන්දනා ගමනට සහභාගිවු කිහිප දෙනෙකුට සෙම් ප්‍රතිශ්‍යා ලක්ෂණ පහළ වීමත්ය.
නමුත් ඔවුන් කිසිවෙකුට කොරෝනා රොගය වැළදී ඇති බව තහවුරු වී නැති බව හෙතෙම පැවසුවේය. කෙසේවෙතත් මේ වන විට අදාළ දේව ගැතිවරයා සොයාගෙන පොලීසියේ විශේෂ ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවත් අදාළ ප්‍රදේශයේ පවුල් 25ක් රක්වාන කඩමුදුන ප්‍රදේශයේ දේවස්ථානයකට පවුල් උපදේශනය සදහා ගොස් ඇති බවත් හෙළි වී ඇත.
අදාළ දේව ගැතිවරයා සතුව එම උපදේශන වැඩ සටහනට සහභාගිවු පිරිසගේ තොරතුරු පැවතීම මත එම ප්‍රදේශයේ ජනතාව පිළිබඳතව දුරටත් සොයා බැලීමට නියමිතය.
එසේම පසුගියදා ජයවර්ධනපුර රෝහලට ඇතුළු වී තොරතුරු වසන් කරමින් ඩෙංගු රෝග ලක්ෂණ ඇති බවට පවසා ප්‍රතිකාර ලබා ගෙන ඇති 60 හැවිරිදි කොරෝනා රෝගියා මෙම ප්‍රදේශයේද සැරිසරා ඇති බවට වාර්තා වන බවද ඒ මහතා පැවසුවේය.
හෝමාගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකු ලෙස ඔහු සඳහන් කළද ඔහු ලබා දෙන තොරතුරු වල නිශ්චිත බවක් නොමැති බවත් එම රෝගියාගේ ක්‍රියා කලාපය නිසා මේ වන විට ජයවර්ධනපුර රෝහලේ අදාළ අංශයද විෂබීජ හරණයට ලක්කර ඇති බවත් ඔහු සදහන් කළේය.
එසේම එම රෝගියාගේ පුතෙකු මහරගම ප්‍රදේශයේ ජීවත් වන බවත් ඔහුවද නිරෝධනයට ලක්කර ඇති බවත් වැඩි දුරටත් හෙතෙම පැවසුවේය.