සෞඛ්‍ය අමාත්‍යංශයට ඔක්සිජන් ලබාගැනීමට තිබූ මුදල්වලින් රුපියල් කෝටි 14 1/2ක් මෙම ඖෂධ මිලදී ගැනීමට සඳහා සැපයුම්කරුට දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියට ඊයේ (15) දැනුම් දුන්නාය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් සංදේශවල ඇති අස්සන් සහ තවත් ලේඛණවල ඇති අස්සන් සමඟ ඔහුගේ අත්අකුරු සැසදීමට රජයේ සැකකටයුතු ලේඛණ පරීක්ෂවරයාට නියම කළ ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඒ සඳහා කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ආදර්ශ අස්සන් ලබාගැනීමටද නියම කළාය.
මෙම සිද්ධියට අදාල සැකකරුවන් ලබන 29 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදලාව කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කිරීමටද රහස් පොලිසියට වැඩිදුරටත් නියම කළාය.
පැමිණීල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කොට සිටින බාල ඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුු වන සුගත් ජනක ප්‍රනාන්දු මහතා” වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්යක්ෂ ශාන්තිනී සොලමන් මහත්මිය” ගණකධිිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය තොග පාලක සුජිත් කුමාර (ඇප මත මුදාහැර ඇත) සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත” වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත් නමැත්තන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
මෙම සිද්ධියට අදාල පැමිණිල් කැඳවනු ලැබූ අවස්ථාවේදී රෝගී තත්වයකින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්යක්ෂ වෛ්‍ය කපිල වික්‍රමනායක මහතා ගිලන් රථයකින් අධිකරණයට කැඳවාගෙන පැමිණ සිටි අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි තත්වයේ රෝගී තත්වයක පසුවන බව දැනුම් දෙමින් බන්ධනාගාර රෝහල් අධිකාරීවරයාගේ වාර්තාවක් ඉදිරිපත් කළ අතර ඔහු නොමැතිව නඩුව විභාග කෙරුණි.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කළ පැමිණීල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා විසින් නිකුත් කළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ බන්ධනාගාර නිලධාරීන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි තත්වයේ රෝගී තත්වයක පසුවන බවත් ඔහු ලබන 22 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බවත් දැනුම් දෙමින් වාර්තාවක් ඉදිරිපත් කෙරුණි.
මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දක්වමින් මෙම සිද්ධියේ මුල් පැමිණීලිකරු ඔහු බව කියමින් නඩුවේ අතෘප්තියට පත් පාර්ශවකරුවකු වශයෙන් ඔහු වෙනුවෙන් කරුණු දැක්වීමටට අවසර ඉල්ලා සිටියේය.
පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනි ගිරිහාගම මෙනවිය ඊට තරයේ විරුද්ධත්වය පළ කරමින් දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළ අතර දෙපාර්ශවයේ කරුණු සළකා බැලීමෙන් අනතුරුව ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාට අතෘප්තියට පත් පාර්ශවකරුවකු වශයෙන් පෙනී සිටීමට අවසර දීම මහෙස්ත්‍රාත්වරිය ප්රතික්ෂෙප කළාය.
මෙම අපරාධයට වගකිව යුතු සිය`ථ දෙනා අත්අඩංගුවටට ගන්නා ලෙස අධිකරණය පැමිණීලි පාර්ශවයට නියම කර ඇති බවත් එසේ කරන බවට පැමිණීලි පාර්ශවය අධිකරණයට දැනුම් දී ඇති බවත් අවධාරණය කළ මහෙස්ත්‍රාත්වරිය නඩුවේ දෙවැනි සැකකාර වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්යක්ෂ වෛ්‍ය කපිල වික්‍රමනායක මහතාගේ රෝගී තත්වය සම්බන්ධයෙන් පරීක්ෂා කළ විශේඥ වෛද්‍ය කමිටුව රහසිගත වාර්තතාවක් එවා ඇති බව දැනුම් දෙමින් එම වෛද්‍ය වාර්තාව පැමිණීලි පාර්ශවයට හා සැකකාර පාර්ශවයට පරීක්ෂා කිරීමට අවසර දුන්නාය.
පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනි ගිරිහාගම මෙනවිය කරුණු දක්වමින් අධිකරණය පසුගිය අවස්ථාවේ දුන් නියෝග අනුව විමර්ශන කර ඇතැයිද මෙම සිද්ධියේ සැකකරුවනන් වෙන් වෙන්ව රඳවා තැබබීමට නියම කරමින් බන්ධනාගාර අධිකාරීවරයාට නිකුත් කළ නියෝග ඔවුන්ට බාර දදුන් බවත් පැවසුවාය.
මෙම සිද්ධියේ 08 වැනි සැකකරු ලෙස නම් කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඔුකවැල්ල නමැත්තා අතත්අඩංගුවට ගැනීමට පෙර පසුගිය දෙසැම්බර් 26 වැනිදා ඔහු කළ ඉල්ලීමකට අනුව රහස් පොලිසි නිලධාරීහු ඔහුගේ නිවසටම ගොස් ඔහුගේ ප්‍රකාශ ගත් අවස්ථාවේදී ඔහු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බව කියන කැබිනට් සංදේශ හතරක ඇති අත්අකුරු සහ පළමු සැකකරුට ගෙවිය යුතු ගෙවීම් නතර කළ පසු ඔහු විසින් රඔුකවැල්ල නමැත්තාට තර්ජනය කරමින් එවු බව කියන ලිපියේ ඇති අත්අකුරු සම්බන්ධයෙන් රජයේ සැකකටයුතු ලේඛණ පරීක්ෂකවරයා ලවා පරීක්ෂා කිරීම සුදුසු බව පෙන්වා දුන් ලක්මිනි ගිරිහාගම මෙනවිය ඒ සඳහා නියෝගයක් කරන්නැයි ඉල්ලා සිටියාය.
සති තුනක කාලයක් තුල රටේ සෞඛ්‍ය ක්ෂෙත්රය කඩා වැටෙන බව පවසමින් ඒ වන විට රටතුළට ඖෂධ ගෙන ඒමට තිබු දැඩි නීතීමය තත්වයන් ලිහිල් කිරීමට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් 08 වැනි සැකකරු කටයුතු කළේ ඇයි? ඔහු හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකට ගියේ ඇයි? යන්න සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශන කරන බවත් කී ලක්මිණී ගිරිහාගම මෙනවිය මුල් ගොනු ලබාදෙන ලෙස අධිකරණය කළ නියෝග අනුව වෛද්‍ය සැපයුම් ඒකකයේ සහකාර අධ්යක්ෂ සමන් රත්නායක මහතා හමුවු විට මුල් ගොනු වෙනුවට ඔහු ලබාදුන්නේ ඡායාස්ථ පිටපත් බවත් එහි කිසිඳු සටහනක් නැති බවත් කීවාය.
හදිසි ප්‍රසම්පාදන කටයුත්තක් ලෙස අදාළ ඖෂධ ලබා ගත් යුත්තේ ඇයි? යන කරුණට අදාළ කිසිඳු තොරතුරක් එහි අඩංගු වී නැතැයි කී ලක්මිණී ගිරිහාගම මෙනවිය ඖෂධ ලැයිස්තු පිළිබඳ සත්‍ය නිවරදි ගොනුවක් සොයා ගැනීමට නැතැයිද කීවාය.