මහනුවර යාපනය, ඒ නවය මාර්ගයේ මිහින්තලය සහ තිරප්පනය යන ප්රදේශ වලදී සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව මිහින්තලය සහ තිරප්පනය පොලිසි පවසයි.
ඒ නවය මාර්ගයේ කිලෝමීටර් කණු 128 සහ 129 අතර පිහිටි මිහින්තලේ, වැල්ලමොරාන ප්රදේශයේදී ගල්කුලම දෙස සිට මිහින්තලය දෙසට ධාවනය වූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන දකුණු දිසාවට ධාවනය වී මාර්ග සංඥා පුවරුවක සහ බෝක්කුවක ගැටී ඉකුත් 14දා රාත්රී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව මිහින්තලේ පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක් සිට පත්ව ඇත්තේ , නුග සෙවන නුවර පාර , පලුගස්වැව ලිපිනයේ පදිංචිව සිටි කැබ්රථ රියදුරා වන සෙනවිරත්නගේ කවිඳු උදාර සෙනවිරත්න නැමැති 25 හැවිරිදි පුද්ගලයෙකු සහ අනුරාධපුර රණසේවාපුර 21වන පාබල සේනාංකයේ රාජකාරී කරමින් සිටි යුද හමුදා මේජර්වරයකු වන මිහින්තලේ අනුරාධපුර පාර පදිංචිව සිටි නිෂ්ශංක ආරච්චිලාගේ දිනේෂ් ඉසුරු කුමාර නිෂ්ශංක නැමති 37 හැවිරිදි පුද්ගලයෙකි.
අනතුරින් බරපතල තුවාල ලැබූ කැබ් රථයේ දුරා මිහින්තලයේ රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රාත්රී 10.50ට ජීවිතක්ෂයට පත්ව ඇති අතර බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යැවූ මේජර්වරයා ඊයෙ (15දා) අළුයම 12.5ට ජීවිතක්ෂයට පත් වූ බව මිහින්තලය පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ නවය මාර්ගයේ තිරප්පනය දෙස සිට ගල් කුලම දෙසට ධාවනය වූ වෑන් රථයක් එම මාර්ගයේ ඥානික්කුලම පාලම පසුකර කිලෝ මීටර්කණු 118 සහ 119 කණු දෙක අතර ප්රදේශයේදී, මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ බව තිරප්පනේ පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සිවලාකුලම, පුලියන්කුලම ප්රදේශයේ පදිංචිව සිටි එන්. කපුරුබණ්ඩා නැමති 93 හැවිරිදි පුද්ගලයෙකි.
වෑන් රථ රියදුරා, ඔහුගේ මව පියා සහ සීයා සමග ගමන් කරමින් සිටියදී වෑන් රථය පෙරළී යාමෙන් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, සැකකාර රියදුරාගේ සීයා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය සඳහන් කළේය.
මෙම අනතුරට සම්බන්ධ වෑන් රථයේ රියදුරා වන සිවලාකුලම ප්රදේශයේ පදිංචි 21 හැවිරිදි පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක ශරීරයක් මත මුදා හැරී අතර ලබන ජුනි මස පහදා නැවත අධිකරණය හමුවේ පෙනී සිටීමට එම සැකකරුට නියෝග කෙරිණි.
මෙම අනතුරු දෙක සම්බන්ධයෙන් මිහින්තලය සහ තිරප්පනය යන පොලීසි වල රථවාහනංස නිලධාරීහු කණ්ඩායම් දෙකක් වැඩිදුර විමර්ශන සිදුකරති.



