ඊයේ රාත්රියේ මහනුවර ප්රදේශයට පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පිළිමතලාව ගංගොට ප්රදේශයේ නිවසක් මතට තල් ගසක් කඩා වැටීමෙන් නිවසට බර පතල හානි සිදුවි ඇත.
ඊයේ (20) රාත්රියේ දැඩි සුලං සමගින් ඇද හැලුනු ධාරාණිපාත වර්ෂාව පැවති වේලාවේදි නිවස අසල තිබුනු පැරණි තල් ගසක් නිවස මතට කඩා වැටි ඇති අතර ඉන් නිවසේ කාමර දෙකක් සහ කුස්සියට දැඩි ලෙස හානි සිදුවි ඇති බව ප්රෙද්ශවාසින් පැවසිය.
සිද්ධියෙන් කිසිවෙකුට අනතුරක් සිදුවි නොමැති බවත් ගස වැටෙන් සබ්දයට සියලු දෙනා නිවසින් පිටතට දුව ආ නිසා සිදුවිමට ගිය දැඩි අනතුරක් වැලකි ගොස් ඇති බව ප්රෙද්ශවාසිහු පැවසිය.
සිද්දිය වන අවස්ථාවේදි නිවසේ දැරියන් දෙදෙනෙකු හා එක් පුතා සමග අත්තම්මා පමනක් නිවසේ සිට ඇති අතර ආර්ථික අපහසු තා නිසා මව විදේශ රටක සේවය කරනු ලබන බවත් ස්වාමියා නොමැතිව ජිවත්විමේ අපහසුව නිසා දරුවන්ගේ මව විදෙස් රැකියාවකට ගොස් ඇති බව ප්රෙද්සවාසින් පැවසිය.
නිවසට සිදුවු දැඩි අලාබය නිසා පාසැල් යන වි ගොස් නැවත පරිහරණයට ගැනිමට නොහැකි බවද ප්රදේශවාසිහු පැවුසුහ.
චමිල් රූපසිංහ