එළඹෙන වසරේදීත් වාහන ආනයනය නොකිරීම පැනවූ සීමාවන් තවත් වසරක කාලයක් සඳහා බලපැවැත්වෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් හෙළිදරව් කළේය.
මෙරට ආර්ථිකයට බරපතල ඩොලර් හිගයකට මුහුණ පා ඇති අතර ඒ හේතුවෙන් පසුගිය මාස 4ක කාලයක් පුරා දැඩි ආනයන සීමා පැනවිය. ඒ අනුව තවදුරටත් 2022දී වාහන ආනයනය නොකිරීමට තීරණය කර තිබේ.
මුදල් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අද කොළඹදී පැවති කිරි ගොවි සම්මේලන රැස්වීමේදීයි.