කොරෝනා වසංගතය ව්‍යාප්තිය හේතුවෙන් ලංකාවේ ආර්ථිකයට ඇති වී තිබෙන බලපෑම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරනු ලැබේ.
වසංගතයට මුහුණ දීම සඳහා අවශ්‍ය මුදල් රජය ඒකාබද්ධ ගිණුමෙන් වෙන් කර ගන්නා ආකාරය එක්සත් ජාතික පක්ෂ නායකයාගේ විශේෂ ප්‍රකාශයෙන් පෙන්වා දීමට නියමිතය.
වසංගතයට මුහුණ දීම සඳහා ආර්ථික වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ද විස්තර කිරීමට නියමිතය.
කොරෝනා වසංගතය පාලනය සඳහා කටයුතු කර, ඉදිරි කාලයේදී ආර්ථිකය ගොඩනැගීමට ගත යුතු පියවරද රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශයෙන් විස්තර කිරීමට නියමිත බවද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි