'එක් චීනයක්' ප්රතිපත්තිය වෙනුවන් ශ්රී ලංකාව පෙනී සිටින බව ජනපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනපති ෂී ජින්පං මහතා අතර පැවැති හමුවේදී පැවැසීය.
ජනපතිවරුන් දෙදෙනා අතර හමුව බීජින් නුවරදී පැවැතියේය. මෙහිදී අනුර කුමාර දිසානායක මහතා තවදුරටත් ප්රකාශ කළේ චීනය ලබා ගෙන ඇති සංවර්ධනය පිළිබඳව ශ්රි ලංකාව බෙහෙවින්ම සතුටට පත්වන බවත් ශ්රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් චීනය දක්වන දායකත්වයද අගය කරන බවයි.