අද වන විට මෙරට වාර්ගික නීති ගෝත්‍රික නීති ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් රට එක නම් එක නීතියක් ක්‍රියාත්මක විය යුතු බවට සමාජ ක්‍රියාකාරියකු හැටියට දැනට වසර 15 ක 20 ක පමණ කාලයක සිට හඬ නැගූ බව එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවැසූහ.
එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් ඊයේ (25) මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ඇතුළු නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව ඒ බව අවධාරණය කරමින් ඥානසාර හිමියන් වැඩිදුරටත් මෙසේ පැවැසූහ.
“ජනාධිපති කාර්ය සාධක බලකාය හැටියට පැවරී ඇති රාජකාරි සම්පූර්ණ කිරීම සඳහා සියලු දිසාවන් ආවරණය වන පරිදි නිරීක්ෂණ චාරිකාවක යෙදෙනවා . උතුරේත් නැගෙනහිරත් ආවරණය කර හමාරයි . අද මධ්‍යම පළාතේ නිරීක්ෂණ චාරිකාව ආරම්භ කළ දිනයයි . එම චාරිකා තුළින් අප විශාල අත්දැකීම් ලබාගෙන තිබෙනවා එක රටක් එක නීතියක් සඳහා වූ සංකල්ප පත්‍රිකාව සකස් කර ගැනීම සඳහා .
රට එක එකනම් එක නීතියක් ක්‍රියාත්මක විය යුතුයි . අද වන විට වාර්ගික නීති ගෝත්‍රික නීති පවා රටේ අභ්‍යාස වෙමින් තිබෙනවා . ඇතැම් සිරිත් විරිත් අද වන විට නීති බවට පත් වී තිබෙනවා .
යටත්විජිතවාදීන් ඔවුන්ගේ පහසුව සඳහා ලෝකයේ යටත් විජිතයන් පැවති සෑම තැනකම එම අධිරාජ්‍යවාදීන් කළේ එම රටවල බහුතර ජනතාවට එරෙහිව සුළු ජනවාර්ගිකයන් බල ගැන්වීමයි . තේසවලාම් නීතිය ඇතුළු විවිධ නීති ගෙන ආවා . රාජකීය පෙර සිරිතට අනුව පාලනය කරනවා කිව්වත් ඔවුන් එසේ සිදු කළේ නැහැ . 1918 කැරැල්ල ආවෙ ඒ නිසයි.
එම නිසා ඒ සියලු දේ සමීක්ෂණය කර යෝජනා ඉදිරිපත් කිරීමයි අප කරන්නේ . උතුරේ ආගමික ගැටලු , දකුණේ ස්වාමින්වහන්සේලා විහාර දේවාලගම් පනතේ නඩුවලට පැටලිලා මහන ජීවිතයම උසාවිවලට කැප කරනවා .”
ෂේන් සෙනෙවිරත්න