ඉන්දියාවේ ග්‍රීන් සත්වෝද්‍යානය සමග ඇතිකරගෙන ඇති සත්ව හුවමාරු වැඩ සටහනට සමගාමීව අබුඩාබිවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ "කැපිටල් සත්වෝද්‍යාන සහ.වනසත්ව උද්යානයයෙන් " දුඹුරු වලස් ජෝඩුවක් ,මියර්කැට් ජෝඩු තුනක් ,සහ තිත්හයිනා ජෝඩුවක් ඇතුලු සතුන් දස දෙනෙකු ඉකුත් 10 වනදින උදෑසන 11.00 ට පමණ දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත රැගෙන එනු ලැබිණැයි සත්වෝද්‍යාන අධ්යක්ෂ ජෙනරාල් පශු වෛද්‍ය ආර්.සී.රාජපක්ෂ මහතා පැවසීය .
මෙම සතුන් ඉකුත් 10 වනදින උදෑසන 5.00 ට පමණ කටුනායක ගුවන්තොටුපල වෙත ගෙන එනු ලැබූ අතර, සත්වෝද්‍යාන පශූ වෛද්‍ය වරුන් යටතේ භාරගෙන එයින් මියර්කැට් ජෝඩු තුන හා දුඹුරු වලසුන් ජෝඩුව දෙහිවල.ජාතික සත්වෝද්‍යානය වෙත රැගෙන එනු ලැබූ බවත් ,තිත් හිනා සත්ව ජෝඩුව පමණක් හම්බන්තොට සෂාරි උද්‍යානය වෙත යවනු ලැබ ඇතැයිද අධ්යක්ෂ වරයා වැඩි දුරටත් පැවසීය .
මේ අනුව මෙම සතුන් සියලු දෙනාම මාසයක නිරෝධායනය සදහා යොමු කරනු ලබන බවත් ,ඔවුන්ගේ ආහාර රටාව එරටදී ලබාදුන් ආහාර ද්‍රව්‍යයම මෙරට දේශගුණික හුරුවී පුරුදුවී සදහා ලබාදෙනු ලබන බවත් ලබන මස 11 වනදින වනවිට මහජන ප්‍රදර්ශනයට යොමු කරනු ලබන බවත්, මෙම සතුන්ගෙන් දුඹුරු වලසුන් වයස අවුරුදු 2 -3ත් වන අතර, උපරීම වනගතව.අවුරුදු 28 ක් වනු ලබයි .මියර්කැට් හයදෙනා අවුරුදු 2 - 6 ත් වන අතර උපරීම වයස අවුරුද 15.ක්ද වන බවත් ,දුඹුරු වලසුන් මේ වනවිට වයස අවුරුද 5 - 8 වන බවත්, උපරීම වනගත ලෙස අවුරදු 20 -30 ත් ගත කරන බවත් නියෝජ්‍ය අධ්යක්ෂය දිනූෂිකා මානවඩු මෙනවිය පැවසීය. ( I J )
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_aca8f27322.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_015373fbd0.jpg)
දෙහිවල- එච්.එම්.ධර්මපාල