පසුගිය සෙනසුරාදා (26) දින තුළ කරන්නාගොඩ ගම්මානයේ එකවරම ඇතිවූ හදිසි අසනීප තත්වයක් නිසා පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් ඇතැයි වරකාගොඩ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කරන්නාගොඩ , වරකාගොඩ ලිපිනයේ පදිංචි රොෂාන් ඉන්දික පෙරේරා (43) මුතු කුඩ ආරච්චිගේ පද්මසිරි විජය ගුණවර්ධන(69) සහ හොඳමුනිගේ උපුල්(64) යන පුද්ගලයින්වේ.
මීට අමතරව මෙම ප්‍රදේශයේම තවත් පුද්ගලයකු අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටී..
කෙසේ වෙතත් මෙම පුද්ගලයින් එකම ස්ථානයකින් යම් බීමක් මත්ද්‍රව්‍යයක් , ලබා ගෙන ආහාරයට ගත්තා දැයි යන්න පිළිබඳ තොරතුරු හා පරීක්ෂණ විමර්ශනය කරමින් පවතින බව වර්කාගොඩ පොලිසිය පවසයි.
මියගිය තිදෙනාගේ සිරුරු මේ වන විට හොරණ දිස්ත්‍රික් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මෘත ශරීර සම්බන්ධ තවමත් පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින බව හොරණ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතා පැවසීය.
අඟුරුවාතොට මංගල එදිරිසිංහ..