එංගලන්තයේ සිට මෙරටට ගෙන ඒමෙන් පසු රේගු නිලධාරීන් භාරයේ පවතින කැළිකසළ කන්ටේනර් රට තුළට ගෙන ඒමට අවසර ලබා නොදෙන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.
ජාත්‍යන්තර නීතිරීතිවලට අනුව රටකින් රටකට කුණු රැගෙන ඒමට නොහැකි බවත්, මේ නිසා එම අපද්‍රව්‍ය නැවත වතාවක් කැළිකසළ ගෙන ආ රටටම යැවිය යුතු බවත් එම අධිකාරියේ සභාපති ඉසුර දේවප්‍රිය මහතා සඳහන් කළේය.
මේ පිළිබඳ රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයවර්ධන මහතාගෙන් 'අද' කළ විමසීමකදී ඔහු සඳහන් කළේ අදාළ කන්ටේනර් පිළිබඳ රේගුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවයි.
පරීක්ෂණ කටයුතු අවසන් වූ පසු අදාළ කන්ටේනර් තොගයට සිදු කරන්නේ කුමක්ද යන්න තීරණය කරන බවද ඒ මහතා පවසා සිටියේය.
එක්සත් රාජධානියේ සිට මෙරටට ගෙන්වූ භාවිතයෙන් ඉවත් කළ මෙට්ට තොගයක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කන්ටේනර් 100කට ආසන්න ප්‍රමාණයක තිබී මෙම මෙට්ට තොගය සොයාගෙන තිබෙන අතර, මේ ආකාරයට ගෙන්වූ භාවිතයෙන් ඉවත් කළ මෙට්ට අඩංගු කන්ටේනර් කිහිපයක් වරාය තුළ තිබෙන බවට සැකයක් මතුව තිබෙන හෙයින් ඒ පිළිබඳ සොයා බැලීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවද වාර්තා වේ.
