ලංකාවේ සෞඛ්‍ය සේවයට එංගලන්තයේ සෞඛ්‍ය සේවයත් පරාද බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා නිදසුනක් සහිතව අද (18) බලපිටිය මහලදූවේ පැවති උත්සවයකදී පෙන්වා දුන්නේය.
එංගලන්තයේ වාසය කළ ලංකාවේ තමාගේ හිතවතෙක් තමා හමුවන්න ආවේ ඔහුට කළයුතුව තිබූ ශල්‍ය කර්මයක් පිළිබඳව පිහිටක් බලාපොරොත්තුවෙන් බවත් එම ශල්‍ය කර්මය එංගලන්තයෙන් කරවා ගැනීමට නම් ඔහුට අවුරුද්දක් දෙකක් පෝලීමේ සිටීමට සිදුව තිබූ බවත් රමේෂ් මහතා කීවේය.
තමා සිය හිතවතා කොළඹ විශේෂඥ වෛද්‍යවරයෙකුට මුණගැස්සූ බවත් හිතවතාගේ ශලකර්මය දින කිහිපයකින් ඉතා සාර්ථකව සිදු කළ බවත් රමේෂ් මහතා මෙහිදී කීවේය.ශලය කර්මයක් කිරීමට එංගලන්තයේ අවුරුදු ගණන් පෝලිම්වල සිටීමට සිදුවුණත් අපේ රටේ එසේ නොවන බවත් ඒ මහතා කීවේය.
"මේවා මම ප්‍රසිද්ධ වේදීකාවේ කිව්වාම සමාජ මාධය ජාලාවලින් මට හොදටම දෙසන බව මම දන්නවා. නමුත් සත්‍ය තත්ත්වය එයයි. ලෝකයේ මොනම රටකවත් නැති පහසුකම් සහිත ඉතා උසස් මට්ටමේ සෞඛ්‍ය සේවාවක් ලංකාවේ තිබෙනවා."