සීගිරිය පර්වතයේ බිතු සිතුවම් ගුහාව අසලදී එංගලන්ත ජාතිකයකුට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සීගිරිය, කිඹිස්ස ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර සුළු මොහොතකින් 01 දින පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇතිබව පොලිසිය කියයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ Caitano rancisco නමැති වයස අවුරුදු 70 ක විදේශකයෙකි. no 32 milton poespsgntes ,neiteo,England යන ලිපිනයේ පදිංචි පුද්ගලයෙක් බව සිගිරිය පොලීසිය පවසයි.
මියගිය විදේශිකයා අහුන්ගල්ල ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගැනීමෙන් අනතුරුව තම පවුලේ සාමාජිකයන් සමග සිගිරිය නැරබීමට 01 අළුයම 04:30 සීගිරියට පැමිණ සිගිරිය තරණය කරන අතරදී බිතු සිතුවම් ගුහාව අසලදී අසනීප තත්වයක් පෙන්නුම් කල බැවින් ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආරක්ෂක අංශ සහය ඇතිව ඔහු සිගිරිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කොට තිබේ.
රෝහලට ඇතුලත් කොට සුළු මොහොතකින් ඔහු මිය ගොස් ඇතැයි වාර්ථාවේ. දැනට විදේශිකයාගේ මෘත දේහය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි දඹුල්ල රෝහල් පොලීසිය පවසයි.පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමේන් අනතුරුව සංචාරකයා සමඟ පැමිණි ඤාතීන්ට දේහය භාරදීමට නියමිත බව දඹුල්ල රෝහල් ප්‍රකාශකයකු පැවසිය .