උස්බෙකිස්තාන ජාතික පෙම්වතිය සමග යතුරුපැදියෙන් යමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී ත්රී රෝද රථයක ගැටීමෙන් දෙදෙනාම තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ කැස්බෑව පොලිසියට අනුයුක්තව රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල් 102017 ගුණවර්ධන නිලධාරියා සහ ඔහුගේ උස්බෙකිස්තාන පෙම්වතිය වන නිකි කුට්යා (niki kutya) තරුණියයි.
තුවාල ලද ඔහුන් දෙදෙනා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර ඇත.
කොස්තාපල්වරයා සිය පෙම්වතිය සමඟ මුහුදු මාර්ගයේ යතුරුපැදියෙන් යමින් සිටියදී ඇලෙක්සැන්ඩ්රා අතුරු මාර්ගයට හැරෙන හන්දිය අසලදී එකිනෙක ගැටී මෙම අනතුර වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.