උසස් අධ්‍යාපන ආයතන 22 ක අධ්‍යන හා අනධ්‍යන කාර්ය මන්ඩලයන්හි 551 දෙනෙකුගෙන් බැඳුම්කර කඩකිරීම මත විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට රුපියල් මිලියන 2,262 ක මුදලක් අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ 2/2018 දරන චක්‍රලේඛය ප්‍රකාරව මෙම මුදල 2023 දෙසැම්බර් 31 දිනට අයකර ගත යුතුව පවතින බව ජාතික විගණන කාර්යාලය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සම්බන්ධයෙන් නිකුත් කරන ලද විගණන වාර්තාවේ සඳහන් කරයි.
බැඳුම්කර කඩකළ සමස්ත පිරිසෙන් 347 කගේ මුදල් අයකර ගැනීමට පියවර ගෙන ඇති අතර එයින් 139 දෙනෙක් මේ වන විට ගෙවීම් කටයුතු ආරම්භ කර ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් විගණන කාර්යාලය වෙත දන්වා ඇත.
එමෙන්ම බැඳුම්කර කඩකර සිටින අනෙකුත් 204 දෙනාගේ මුදල් අයකර ගැනීම පවතින නීති රීති යටතේ කළ නොහැකි බැවින් ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවද කොමිෂන් සභාව විසින් ප්‍රතිපාදන කොමිෂන් සභාවට වැඩි දුරටත් දන්වා තිබේ.
මෙකී මුදල් කඩිනමින් අයකර ගන්නා ලෙස විගණන කාර්යාලය කොමිෂන් සභාව වෙත නිර්දේශ කර ඇත.
ජේ.ඉඳුරුවගේ