මෙවර (2023/2024) උසස් පෙළ විභාගයේ පෙරේදා පවත්වා ඇති කෘෂි විද්‍යාව විෂයේ දෙවන කොටසේ සියලු මාධ්‍ය ප්‍රශ්න පත්‍ර අවලංගු කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මෙවර විභාග කාල සටහනට අනුව නියමිත පරිදි පෙරේදා (10) සවස 13 00 පැයේ සිට පැය 16 10 දක්වා මෙම කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රය පැවත්විණි.
විභාගයට පෙර විවිධ සමාජ මාධ්‍යයන්හි එම ප්‍රශ්න පත්‍රය සංසරණ වී තිබීම මෙම අවලංගු කිරීමට හේතු වූ බවද ඒ පිළිබඳව සිදුකළ විමර්ශනයේදී එය එලෙස සංසරණය වී ඇතැයි සනාථ වූ කරුණු අනාවරණය වූ බවද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.
මෙම ප්‍රශ්න පත්‍රයට පෙනී සිටි අපේක්ෂකයන්ට අසාධාරණයක් නොවෙන පරිදි අවලංගු කරන ලද එම විභාග ප්‍රශ්න පත්‍රය නැවත වරක් පවත්වන බව විභාග කොමසාරිස්වරයා පවසයි.
ඒ අනුව එම පත්‍රයට පෙනී සිටි විභාග අපේක්ෂකයන් එය නැවත පවත්වන දිනයේදී යළි පෙනී සිටිය යුතු වන අතර එම ප්‍රශ්න පත්‍රය යළි පවත්වන දිනය මේ දිනවල පවත්වන උසස් පෙළ විභාගය අවසන් වූ වහාම දැනුම් දෙන බවත් මේ සඳහා වූ ප්‍රවේශ පත්‍ර පුද්ගලික අයදුම් කරුවන් වෙත ඔවුන්ගේ ලිපිනයන් වෙත තැපෑලෙන් හා පාසල් අයදුම්කරුවන් වෙත ඔවුන්ගේ පාසල්වල විදුහල්පතිවරුන් වෙත එවන බවත් විභාග කොමසාරිස්වරයා සිය නිවේදනයෙන් දන්වා සිටී.
ජේ.ඉඳුරුවගේ