මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඇතුළු පිරිසක් සමග බම්බලපිටිය රාත්‍රී සමාජ ශාලාවකට ගිය අවස්ථාවේදී පීහි ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලැබීමෙන් අනතුරුව අනතුරක් සිදුවූවා යැයි පවසමින් උසස් පොලිස් නිලධාරීන් රැසක් නොමග යවමින් අසත්‍ය සටහන් යෙදූ කිරුළපන පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ගේ වැඩ තහනමට ලක් කර ඇතැයි කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
එම සිද්ධිය වසන් කල කොස්තාපල්වරයෙකුගේ රාජකාරී වැඩ තහනමට ලක් කර ඇත.
දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයා තවත් කොස්තාපල්වරයෙකු සමග ඉකුත් 3 වෙනිදින රාත්‍රී බම්බලපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඇතුළු පිරිසක් සමඟ ගොස් මත්ද්‍රව්‍ය සාදයක් පවත්වා ඇති අතර එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග එම සමාජ ශාලාවේ සිටි පුද්ගලයෙකු ගැටුමක් ඇතිවී ඇති අතර එම ගැටුම සමථයකට පත් කිරීමට මැදිහත් වූ උප පොලිස් පරීක්ෂකවරයාගේ අතකට පිහි ප්‍රහාරය එල්ල වී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහු එම සිද්ධිය යටපත් කර එදින පොලිස් කොස්තාපල්වරයා සමග පුද්ගලික යතුරු පැදියෙන් වැටලීම් රාජකාරී යෙදී සිටියදී කිරුළපන කොළඹගේ මාවත 4 වන පටුමග අසලදී ඔවුන් දැක පුද්ගලයකු යතුරුපැදියකින් පලාගිය බවත් එම යතුරුපැදිය පිටුපස හඹායාමට උත්සාහ කිරීමේදී ඔවුන් ගමන් කළ යතුරුපැදිය මාර්ගයේ ලිස්සා අනතුරට ලක්වූ බවට තොරතුරු පොතෙහි අසත්‍ය සටහන් දමා ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
.එලෙස සටහන් දැමීමෙන් පසු උප පොලිස් පරීක්ෂකවරයා තනිකඩ බට නිවාසයේ රැඳී සිටියහ.
සිදු වූ බව කියන අනතුරින් කොස්තාපල්වරයාට කිසිදු තුවාලයක් සිදු නොවීම විස්මයජනක බව පවසමින් කිරුළපන පොලිසියේ නිලධාරින් අතරද එම දිනවල කසුකුසුවක්ද ඇති විය.
එම කොස්තාපල්වරයාද රාත්‍රී සමාජ ශාලාවේ සිදුවු සිදුවීම වසන් කරමින් අනතුරකට වූ බවට තොරතුරු පොතේ නැවත අසත්‍ය සටහන් යොදා , නිලධාරියා ඒ සම්බන්ධයෙන් හොඳාකාරවම දැන සිට උසස් නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් ඔහුගේ රාජකාරී වැඩද තහනමට ලක් කළ බව උසස් පොලිස් නිලධාරියා පැවසීය.