විදේශගතව සිටින ක්‍රකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා ලංකාවට පැමිණීමේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යයන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කළ මාතලේ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඒ සඳහා වරෙන්තුවක්ද අද (08) නිකුත් කළේය.
මුදලට තරඟ පාවාදීම සම්බන්ධයෙන් දකුණු ආසියාවෙන්ම මුලින්ම පැවැරූ නඩුව වන පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වු ලෙජන්ට් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරග පාවා දීමට ක්‍රිකට් ක්‍රීඩකයින්ට බලපෑම් කළ බවට ඉන්දියාවේ ක්‍රිකට් කණ්ඩායමක කළමනාකාරවරයකු වු යෝගි පටෙල් නමැත්තාට එරෙහි නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවකු වු උපුල් තරංග මහතා සාක්කිදීම සඳහා අධිකරණයට නොපැමිණීම සම්බන්ධයෙන් විත්ති පාර්ශවයෙන් මෙන්ම පැමිණිලි පාර්ශවයෙන්ද ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා එලෙස වරෙන්තු නිකුත් කළේය.
මේ වන විට රටින් පිටවීම තහනම් කර ඇති යෝගි පටෙල් නමැත්තාගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කළ ඉල්ලීම සම්බන්ධ නියෝගය ලබන 16 වනිදා ප්‍රකාශයට පත් කරන බවද විනිසුරුවරයා දැනුම් දුන්නේය.
2024 මාර්තු 08 වැනිදාත් 19 වැනිදාත් අතර කාලයේ පල්ලේකැලේදී ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග ක්‍රීඩකයාට මුදලට තරග පාවා දීමට බලපෑම් කිරීමෙන් ක්‍රීඩා පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කිරීම යටතේ නීතීපතිවරයා මෙම නඩුව පවරා ඇත.
2019 අංක 24 දරණ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ 05 වැනි වගන්තියේ (ඇ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් විත්තිකරු කර ඇතැයි නීතීපතිවරයා චෝදනා ඉදිරිපත් කර ඇති අතර ක්‍රීඩා පනත අනුව මෙම චෝදනාව යටතේ ඉදිරිපත් කරන නඩුවක් මාස 03ක කාලයක් තුළ විභාග කර තීන්දුව ප්‍රකාශයට පත් කළ යුතුය.
නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකාර යෝගි පටෙල් මහතා අධිකරණයේ පෙනී සිටියේය.මුදලට තරඟ පාවාදීම සම්බන්ධයෙන් දකුණු ආසියාවෙන්ම මුලින්ම පැවැරූ නඩුව වන මෙම සිද්ධියේ පැමිණිලිකරු මෙන්ම නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවකුද වන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතාට සාක්කිදීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කර තිබුණත් නඩුවේ සාක්කි විභාග කිරීම සඳහා නඩුව කැඳවු අවස්ථාවේදී උපුල් තරංග මහතා අධිකරණයේ පෙනී නොසිටියේය.
විදේශගත වන හෙයින් නඩුවේ සාක්කිදීම සඳහා අධිකරණයට පැමිණීමට හැකියාවක් නැති බව සඳහන් කරමින් උපුල් තරංග මහතා පොලිසියට ලිපියක් දී ඇති බවත් ඔහු ලබන 20 වැනිදා ලංකාවට පැමිණෙන හෙයින් නඩුවේ සාක්කිදීම සඳහා ඉන් පසු දිනයක් දෙනන ලෙස ලිපිය මඟින් ඉල්ලීමක් කර ඇති බවත් අනාවරණය විය.
ඒ අවස්ථාවේදී විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කරුණු දක්වමින් විදේශිය පුරවැසියකු වන තම සේවාදායකයාට එරෙහි මෙම නඩුව හේතූවෙන් නඩු විභාගය අවසන් වනතුරු ඔහුට රටින් පිටවීම තහනම් කර ඇතැයි කීය.
ක්‍රීඩා පනත අනුව මෙම නඩුව ඉතාම කෙටි කාලයක් තුළ විභාග කර අවසන් කළ යුතු යැයිද ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා දින තුනක කාලයක් නියම කර ඇතැයිද නඩුව විභාග කිරීම සඳහා දින නියම කරගත් පසු පැමිණිල්ලේ ප්‍රධාන සාක්කිකරු වන උපුල් තරංග නමැත්තා මෙලෙස විදේශ ගතවී ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා නඩුවේ සාක්කි දිය යුතු බව දැන දැනම නඩුවේ ප්‍රධාන සාක්කිකරු මෙලෙස විදේශ ගතවීම සු`ථවෙන් තැකිය නොහැකි යැයිද කීය.
ඔහු විදේශ ගතවන්නේ නම් ඊට පෙර ඒ පිළිබඳ දැනුම්දී අධිකරණයේ අවසර ගත යුතු බවත් එසේ නොමැතිව පොලිසියට ලියුම් ලියා නඩුවක සාක්කි දීමට දින ලබාගත නොහැකි බවත් පෙන්වා දුන් රියෙන්සි අර්සකුලරත්න මහතා විදේශගත වී ඇති නඩුවේ ප්‍රධාන සාක්කිකරු ලංකාවට පැමිණෙන විට ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් වරෙන්තු නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජේ්‍යෂ්ඨ රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා කරුණු දක්වමින් නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස සාක්කිකරුට දැනුම්දී තිබියදී ඔහු මෙලෙස විදේශ ගතවී ඇතැයි කීය.
ඔහු නොමැතිව පැමිණිල්ලේ සාක්කි විභාග කිරීමට හැකියාවක් නැතැයි කී ජේ්‍යෂ්ඨ රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා විදේශගත වී ඇති සාක්කිකරු ලංකාවට පැමිණෙන විට අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් වරෙන්තු නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව පැමිණිල්ලේ ප්‍රධාන සාක්කිකරු වන උපුල් තරංග නමැත්තා ලංකාවට පැමිණෙන විට අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් වරෙන්තු නිකුත් කළ විනිසුරුවරයා නඩු විභාගය ලබන වසරේ ජනවාරී 15 වැනිදා තෙක් කල් තැබීය.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණය අමතමින් මෙම නඩුවේ විභාගය අවසන් වනතුරු තම සේවාදායක යෝගි පටෙල් නමැත්තාට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර ඇතැයි කීය.
නඩුවේ ප්‍රධාන සාක්කිකරු නොපැමිණීම හේතූවෙන් නඩු විභාගය ලබන වසර දක්වා කල් ගොස් ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා මෙම තත්වය සැළකිල්ලට ගෙන තම සේවාදායකයාට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන්නැයි ඉල්ලා සිටියේය.
කරුණු සළකා බැලීමෙන් අනතුරුව එම ඉල්ලීම සම්බන්ධ නියෝගය ලබන 16 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන් විනිසුරුවරයා නඩුව එදින යළි කැඳවීමටද නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජේෂ්ඨ නීතිඥ උදාර කරුණාතිලක මහතා පෙනී සිටියේය.විත්තිකරු වෙනුවෙන් නීතීඥවරු කණ්ඩායමක් සමඟ ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පෙනී සිටියේය.