කරුවලගස්වැව අලුත්ගම ලුම්බිණි විහාරස්ථානයෙ උප සම්පදා උත්සවයට සහභාගි වු පිරිසකට 16 දින සවස එල්ලවු ගල් හා පොලු මුගුරු ප්රහාරයකින් තුවාල ලැබු දෙදෙනෙකු තඹුත්තේගම රෝහලට ඇතුලත් කර ඇති බව සාලියවැව පොලිසිය කියයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ අලුත්ගම ලුම්බිණි විහාරස්ථානයෙ දායකයින් දෙදෙනෙකු වන අතර සුළු තුවාල ලැබු තවත් කුඩා දරුවන් දෙදෙනෙකු නිවෙස් වලට රැගෙන ගොස් ප්රථිකාර ලබා දී ඇති බව කියයි.
අලුත්ගම ලුම්බිණි විහාරස්ථානයෙ වැඩ වාසය කල විහාරවාසි දඹුල්ලේ සාරද හිමියන් උපසම්පදා විනය කර්මය පිහිටුවිමේන් පසු විහාරස්ථානයට වැඩම කර අදාල උත්සවය සංවිධානය කර තිබුනී.
එම උත්සවයට වයඹ පළාතේ ප්රධාන අධිකරණ සංඝනායක තම්මැන්නාවැටියෙ රතනජෝති හිමියන් ඇතුළු මහ සංඝරත්නය මෙම උපසම්පදා පිළිගැනිමේ උත්සවයට එක්ව සිටි අතර .
තවත් භික්ෂුන් වහන්සේලා 25 නමක් 16 කනුව සිට 17 කනුව ලුම්බිණි විහාරස්ථානයට පෙරහැරින් වැඩම කරවමින් විහාරස්ථානයෙ අදාල උපසම්පදා උත්සවය සංවිධානය එක්ව තිබුනී.
එම උත්සවය පැවැත්වෙමින් තිබියදී විහාරස්ථානය ඉදිරිපස මාර්ගයෙ දෙසින් මාර්ගය අසල රැදි සිටි පිරිසක් රතිඥඥා පත්තු කරමින් හු කියමින් ගැටුම්කාරි තත්වයක් නිර්මාණය කරමින් තිබු බව කියයි.
ඒ සමග එය බැලිමට ලුම්බිණී විහාරස්ථානයෙ සිට මාර්ගය දෙසට පැමිනි දායකයින් පිරිසට මාර්ගයෙ සිටි පිරිස එකවර ගල් මුල් ප්රහාරයක් එල්ල කරන්නට වු බව පැවසෙයි.
ඒ සමගම අදාල සිද්දීය විඩියෝ කල ලුම්බිණී විහාරයෙ දායකයකුට මාර්ගයෙ සිට පිරිස පොලු මුගුරු වලින් පහර දි හෙල්මටයකින්ද පහර දීම සිදුව තිබේ.
ඔහු බේරා ගැනිමට ගිය තවත් අයකුටද මෙම කලහාකාරි පිරිස පහර එල්ල කර තිබේ කෙසේ වෙතත් ලුම්බිණි විහාරස්ථානයෙ සිටි දායකයින් මෙම සිද්දිය දැක දැඩි බියට පත්ව විහාරස්ථානය තුළම රැදි සිට තිබුනී.
මෙලෙස කලහාකාරි ලෙස හැසිරුණ පිරිස අතර කාන්තාවන්ද වු බවත් එසේ සිටි කාන්තාවන් අත ගල් හා මුගුරු තිබු බවද කියති.
කෙසේ වෙතත් ලුම්බිණී විහාරස්ථානයෙ සිටි අනෙක් දායක පිරිස මේ සදහා එක් නොවිම හේතුවෙන් එම ස්ථානයෙ සිදුවන්නට තිබු ගැටුම්කාරි තත්වය වැලකි ගොස් ඇති බව සාලියවැව පොලිසිය පවසන්නට විය.
පොලිසිය පවසන්නේ මාර්ගයෙ රැදි සිටමින් කලහාකාරි ලෙස හැසිරුණ පිරිස ගැන මේ වන විට පරික්ෂණ ආරම්භ කර අත් අඩංගුවට ගැනිමට කටයුතු කරමින් සිටින බවය.
කෙසේ නමුත් මෙලෙස හැසිරුණ පිරිස පසුගිය දිනක බෙන්තර අතුරුවැල්ල ප්රදේශයෙදී විහාරස්ථානයකට කඩා වැදි අයිතිය සම්බන්ධයෙන් ගැටුම් ඇති කර ගත් කල්පිටිය දළුව නිර්මලපුර විහාරස්ථානයෙ මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන්ගේ පාර්ශවයට සම්බන්ධ පිරිසක් බව ලුම්බිණි විහාර දායකයින් පවසයි.
කෙසේ නමුත් මෙම ගැටුම් මැද අදාල උපසම්පදා උත්සවය නිසි ලෙස පැවැත්විමට සංවිධායකයින් කටයුතු කර තිබුනී.