උපයන විට ගෙවන බද්ධ සංශෝධනය කිරීමට කටයුතු කරන බවත්, ඒ පිළිබඳව අයි.එම්.එෆ් සංවිධානයේ එකඟත්වය පළවී තිබෙන බවත් ස්වාධීන ජනාධිපතිවරණ අපේක්ෂක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
ඇහැළියගොඩ ප්රදේශයේ අද(28දා) පැවති ජන රැළියක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
‘උපයන විට ගෙවන බද්ධ, ඒකත් විශාල ප්රශ්නයක්. අයි.එම්.එෆ්. සංවිධානයයි අපියි එකඟ වෙලා තියෙනවා ඒක සංශෝධනය කරන්න උවමනයි කියලා. මූලික තීරණය අරන් ඉවරයි. අපි එක යෝජනාවක් දාලා තියෙනවා, ඒ අය තව යෝජනාවක් දාලා තියෙනවා. ඉතින් මේ යෝජනා දෙක සාකච්ඡා කරලා අපි එකඟත්වයකට ආවම ඒ නියම ගාන අපි මෙතන දැනුම් දෙන්නම්. ’