කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝම්බර් මාසයේ දී උද්ධමනය 66%ක් දක්වා පහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. සැප්තැම්බර් මාසයේදී මෙරට උද්ධමනය සටහන් වූයේ 69.8%ක් ලෙසිනි.
එසේම ආහාර උද්ධමනය ද ඔක්තෝම්බර් මාසයේදී 85.6%ක් දක්වා පහළගොස් ඇති අතර සැප්තැම්බර් මාසයේ එම අගය 94.9%ක් විය.