මෙරට උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී පහළ බැස ඇත. 2024 අගෝස්තු මාසයේ දී 1.1% ක් ලෙස වාර්තා වූ උද්ධමනය සැප්තැම්බර් මාසය සඳහා -0.2% ක් දක්වා අඩු වී තිබේ.
අගෝස්තු මාසයේ දී 2.3% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී 0.5% ක් දක්වා අඩු වී තිබේ.
එමෙන්ම, අගෝස්තු මාසයේ දී 0.2% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී -0.7%ක් දක්වා අඩු වී ඇත.