මෙරට උද්ධමනය ඉහළ ගොස් තිබේ. මෙරට ආහාර කාණ්ඩයේ උද්ධමනය නැවත වරක් ඉහළ ගොස් තිබේ. එනමුත් ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය අඩු වී තිබේ.
ඒ අනුව 2024ජුනි මාසයේදී 2.4% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය2024ජූලි මාසය සඳහා 2.5%ක් දක්වා වැඩි වී ඇත.
ඒ අනුව2024ජුනි මාසයේදී 1.9% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය2024ජූලි මාසයේදී 2.9%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම2024 ජුනි මාසයේදී 2.7%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය2024ජූලි මාසයේදී 2.2%ක් දක්වා අඩු වී ඇත.