පුද්ගලයෙකුට පහරදිමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් උදයංග විරතුංග මහතා නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේන් අනතුරුව ලබන 17දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කළේය.
රුසියාවේ හිටපු තානාපතිවරයෙක් වූ උදයංග විරතුංග මහතා මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
නුගේගොඩ පදිංචිව සිටින ඒ් මහතා මායිම් ප්රශ්නයක් මුල්කරගෙන අසල්වැසියෙකුට පහරදිමේ චෝදනා යටතේ මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.
පහර කෑ අවුරුදු 66ක පුද්ගලයෙක් ප්රතිකාර සඳහා ශ්රි ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.