කොරෝනා අවදානම හේතුවෙන් විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් උතුරේ යුද හමුදාව විසින් නිරෝධායනය කිරීමේ ක්‍රියාවලියේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් පම්පමඩුව යුද හමුදා කඳවුරේදී නිරෝධායනය වීමෙන් පසුව අද (02) තුන්වන කණ්ඩායම වශයෙන් පුද්ගලයින් 45 දෙනෙකු සිය නිවෙස් වෙතට යාම සිදු විය.
මෙසේ පම්පමඩුව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සහ පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් මේ වන විට පුද්ගලයින් 316 දෙනෙකු සිය නිරෝධායන ක්‍රියාවලිය අවසන් කොට නිවෙස් වෙතට රැගෙන යාමට පියවර ගත් බවට වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රෝහිත ධර්මසිරි මහතා පවසා සිටියේය.
නිරෝධායන ක්‍රියාවලිය අවසන් වීමෙන් පසුව නිවෙස් වෙතට ගිය පුද්ගලයින් පවසා සිටියේ තමන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙමින් යුද හමුදාව ආරක්ෂාකාරීව පසුගිය දින 14 පුරාවට තමන් බලාගත් බවටත් විදෙස් රටවල සිට පැමිණි සියලු දෙනාට සැඟව නොසිට කිසිදු බියකින් තොරව යුදහමුදාව යටතේ නිරෝධායනය වන ලෙසට සියල්ලන්ටම ආරාධනා කරන බවටත් එයට යුද හමුදාවට පූර්ණ ගෞරවය ලබා දෙන බවටත්ය.
පසුගිය 28 වනදා වවුනියාව පම්පමඩුව යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිට නිරෝධායනය වූ පුද්ගලයින් 167 දෙනෙකු පළමු කණ්ඩායම වශයෙන් හා පසුගිය 31 වනදා පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 104 දෙනෙකු වශයෙන් දෙවන කණ්ඩායම ලෙසට සිය නිවෙස් වෙතට යන ලදි.