ශ්රී ලංකාවේ භාවිතයට නුසුදුසු ශ්රී ලංකාවේ ලියාපදිංචි නොකරන ලද විදේශීය රටක නිශ්පාදිත රුපියල් මිලියන 50ක් පමණ වටිනා කෘමිනාශක තොගයක් යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන තිබේ.
උතුරු පළාතෙන් මෙතෙක් අත්අඩංගුවට ගන්නා ලද විශාලම කමිනාශක තොගය ලෙස මෙම අත්අඩංගුවට ගනිම සැලකෙයි.
යුද හමුදා බුද්ධි අංශය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒක්ව කළ වැටලිමකදි වෙලනේ හතරවන කොටසේදි පෙරේදා මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් කමිනාශක තොගය හා සැකකරුවන් තිදෙනෙක් වැඩිදුර පරික්ෂණ සඳහා කයිට්ස් පොලිසියට භාර දි තිබේ.