උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු තවත් දෙමසකින් පමණ ප්‍රමාද වන බැවින් මගීන්ට සිදුවන අපහසුතා වැලැක්වීම සඳහා පොසොන් පොහොයට විශේෂ බස්රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අමත්‍යවරයා මේ බව පැවසුවේ අද (28) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි.
"මෑත භාගයේ වැඩිම ආයෝජනයක් සිදුකර තිබෙන ව්‍යාපෘතිය වන්නේ උතුරු දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතියයි. බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් පසු ප්‍රථම වරට අනුරාධපුර සිට ඕමන්ත දක්වා උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම නවීකරණය කර අවසන් කොට තිබෙනවා. මහව සිට අනුරාධපුර දක්වා කොටසේද නවීකරණ කටයුතු ආරම්භ කර තිබෙනවා. එළඹෙන පොසොන් පෝයට පෙර එම කොටස විවෘත කිරීමට බලාපොරොත්තු වුවත්, වර්ෂාව ,දේශගුණික විපර්යාස සහ අපේක්ෂිත ප්‍රමාණයට වඩා වැඩි පිරිවැයක් දැරීමට සිදු වීම නිසා එය තවත් මාස 02ක් පමණ ප්‍රමාද වෙන බව ඉංජිනේරුවරු දැනුම් දී තිබෙනවා.
ඒ අනුව යාපනයේ සිට කොළඹ දක්වා ගමන් කිරීමට ගතවන කාලය පැය පහ හමාරක් දක්වා අඩු කිරීමට හැකි වනු ඇති. ඒ අනුව උතුරු දුම්රිය මාර්ගය ලංකාවේ දුම්රිය මාර්ග අතරින් සම්පූර්ණයෙන්ම නවීකරණය කර අවසන් කළ, ඉදිරි වසර පනහක් පමණ දක්වා නැවත ප්රතිසංස්කරණයක් අවශ්‍ය නොවන දුම්රිය මාර්ගය බවට පත් වනු ඇති"