ගිණිකොණදිග බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිර-වයඹ දෙසට ගමන් කාරමින් දෙසැම්බර් 11 වන දින පමණ ශ්‍රී ලං කා -තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක වෙත ළගා විමට බොහෝ දුරට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව එම පද්ධතියේ බලපෑම හේතුවෙන් දෙසැම්බර් 10 දින සිට උතුරු හා නැගෙනහිර පළත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවත් දිවයින් හරහා ඊසාන දිග මොසම් තත්ත්වයද ක්‍රමයෙන් ස්ථාපිත වෙනු ඇතැයි එම දෙපාර්තමේන්තුව කියයි.
අද දිනයේදී උතුරු හා නැහෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇතිවන බව ඒම දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලහේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව් බස්නාහිර හා සබරගමුව පළාත්වලත් පළාත්වලත් මාතර හා ගාල්ල දිස්ික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තද වැසි ඇතිවිය හැකි බවත් ඒම දෙපාර්තමේන්තුව පවසයි.