අයහපත් කාළගුණය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව සීමා කර ඇත.
ස්ථාන කිහිපයට පස් කඳු කඩා වැටීම්ද සිදුවී ඇති බව වාර්තා වේ. උඩරට දුම්රිය මාර්ගයේ පිළිමතලාව හා පේරාදෙණිය අතර මාර්ගයට පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය කඩුගන්නාවට සීමා කර ඇත. එමෙන්ම උලපනේ ප්රදේශයේ පස්කන්දක් කඩාවැටීම හේතුවෙන් බදුල්ල සිට කොළඹ මාර්ගය නාවලපිටියට සීමාකර ඇත.
මේ සම්බන්ධයෙන් අපකළ විමසීමකදී දුම්රිය ප්රකාශකයෙකු පැවසුවේ කඩුගන්නාව සිට මහනුවර දක්වා ගමන් කරන මගීන්ගේ ගමනාගමනය බස්රථ මගින් සිදුකිරීමට කටයුතු කරන බවයි.