අයහපත් කාලගුණයේ බලපෑම නිසා මතුවී තිබූ ගස්කඩා වැටීමේ අවදානම හා ස ංඥා පද්ධති හා සන්නිවේදන බාධා නිසා තාවකාලිකව නවතා තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ සහ කොළඹ බදුල්ල දුම්රියන් අද 25 අලුයම සිට නැවතත් සාමාන්‍ය පරිදි ධාවනය වන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසීය.
උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වීමට නියමිතව තිබූ සියලු දුම්රියන් ඊයේ 24 රාත්‍රී අවලංගු කර තිබුණි .
මේ වනවිට පිටකොටුව සිට බදුල්ලට ධාවනය කිරීමට නියමිත දුම්රිය සහ බදුල්ල සිට කොළඹට ධාවනය වීමට නියමිත දුම්රියද අද සමාන්‍ය පරිදි ධාවනය ආරම්භ කළ බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.
මේ අතර දුම්රිය මාර්ගයේ කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව තද වැස්ස අධික මීදුම සුළං සහිත බව නිසා දුම්රිය රියදුරන්ටද මාර්ගය පැහැදිලිව නොපෙනිය හැකි බැවින්ද දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා අයට ත් දුම්රිය එන හඬ පැහැදිලිව නොඇසෙන බැවින්ද දුම්රිය මගේ ගමන් ගන්නා පිරිස් විමසිලිමත්ව අවධානයෙන් යුතුව සුපරීක්ෂාකාරීව ගමන් ගැනීමේ අවශ්‍යතාවය දුම්රිය ස්ථානාධිපතිවරු පෙන්වා දෙයි.
ආරුක්කු නවය පාලම,ඇල්ල ,දෙමෝදර හපුතලේ ආදී ප්‍රදේශවල මේ දිනවල දුම්රිය මාර්ගය භාවිතා කරන විශාල සංචාරක පිරිස් ද දක්නට ලැබේ.
දීර්ඝ නිවාඩුවත් සමඟ දුම්රියෙන් ගමන් ගැනීමට අපේක්ෂිත මගීහු විශාල වශයෙන් සිටින බවද පැවසේ.