බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1046 දරන රාත්‍රි තැපැල් දුම්රිය ගලබඩ සහ ඉගුරුඔය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී පීලීපැනීමට ලක්වීමෙන් අවහිර වී තිබූ බදුල්ල කොළඹ දුම්රිය ධාවනය අද (30) පෙරවරුවේ සිට සාමාන්‍ය පරදි ධාවනය වන බවත්, මහනුවර බදුල්ල සහ බදුල්ල මහනුවර අතර ධාවනය වන අංක 1126, 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියන් දෙක අද (30) දින ධාවනය නොවන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1046 දරන රාත්‍රි තැපැල් දුම්රියේ මැදිරි දෙකක් මෙසේ අද(30) අලුයම 1.15ට පමණ ඉගුරුඔය ගලබඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී පීලීපැනීමට ලක් වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය .
මේ නිසාවෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1045 දරන රාත්‍රි තැපැල් දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානයේ නවතා තැබු බවත් , නාවලපිටිය දුම්රිය ස්ථානයේ දුම්රිය සේවකයන් විසින් පිලීපැනිමට ලක් වූ දුම්රිය පිළීගත කිරිමේ කටයුතු සිදු කර අද (30) උදෑසන 8.00 පමණ වන විට දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කල බවත් නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශයකු සදහන් කළේය .
මේ අනුව නාවලපිටිය දුම්රිය ස්ථානයේ නවතා තබා තිබූ අංක 1045 දරන කොළඹ කොටුව බදුල්ල රාත්‍රි තැපැල් දුම්රිය බදුල්ල බලාත් , අංක 1046 දරන බදුල්ල කොළඹ කොටුව රාත්‍රි තැපැල් දුම්රිය කොළඹ කොටුව බලාත් මීට ටික වේලාවකට පෙර ගමන් ආරම්භ කළ බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
ඇල්ල ප්‍රසාද් රුක්මාල්