මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1126 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය අද (19) පස්වරුවේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී පිලීපැනිමට ලක් වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
මහනුවර සිට පැමිණි මෙම භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය දුම්රිය දියතලාව දුම්රිය ස්ථානය ට ලගා වී යලි බණ්ඩාරවෙල දෙසට ධාවනය වෙමින් තිබියදී මෙසේ දුම්රියේ එන්ජිම පිලීපැනිමට ලක් වී තිබෙන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය .
පිලිපැනීමට ලක්වූ දුම්රියේ සිටි මගින් දියතලාව නගරයට ගොස් බස්රථ වල නැගී සිය ගමන් අවශ්‍ය තා.සපුරා ගත් අතර , දුම්රිය එන්ජිම පිලීගත කිරිමට බදුල්ල දුම්රිය ස්ථානයේ දුම්රිය ආපදා නිළධාරින් පිටත්කර.යැවීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවත් නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළේය .
ඇල්ල ප්‍රසාද් රුක්මාල්