බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී පැවැති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මෙසේ පීලි පැනීමට ලක්ව ඇති බවත්, පීලි පැනීමට ලක් වු දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය පාලක මැදිරිය කියයි.
පීලි පැනීමට ලක් වු භාණ්ඩ දුම්රිය කඩිනමින් පීලි ගත කොට උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යතාතත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කරයි.