උඩරට දුම්රිය මාර්ගයේ ගලබඩ සහ ඉගුරුඔය අතර දුම්රිය ස්ථාන අතර පේන් රෝස් ප්රදේශයේ දී අද (23) උදෑසන දුම්රිය මාර්ගයට විශාල ගසක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
මේ නිසාවෙන් නානුඔය සිට කොළඹ කොටුව බලා අද (23)අලුයම ධාවනය වෙමින් තිබූ අංක 1024 ටිකිරිමැණිකේ දුම්රිය දැනට හැටන් දුම්රිය ස්ථානයේ සහ නානුඔය සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1520 දරණ දුම්රිය ගලබඩ දුම්රිය ස්ථානයේ නවතා තබා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්රකාශයකු කීය .
දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති විශාල ගස කපා ඉවත් කිරිමට අපහසු බවත් , චේන්බ්ලොබ්ලොක් යන්ත්ර යොදා ගනිමින් ගස ඉවත් කිරිමට කටයුතු සිදු කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය .
මේ නිසාවෙන් බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය ප්රමාද වන බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ පැවසීය .
ඇල්ල ප්රසාද් රුක්මල්